මාස 05ට මාරක අනතුරු 1000 පනී - ජීවිත 1062ක් අහිමිවෙයි
May 27, 2025 11:44 am
2025 වසරේ මැයි 25 වනදා දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 1003කින් පුද්ගලයින් 1062 දෙනෙකු මියගොස් තිබේ.
'අද දෙරණ BIG FOCUS' වැඩසටහන සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මෙහිදී පවසා සිටියේ, බරපතළ තුවාල සිදුවූ රිය අනතුරු 2064ක් සිදුව ඇති බවත් ඉන් 7000කට ආසන්න සංඛ්‍යාවක් බරපතළ තුවාල සිදුව ඇති බවත්ය.
මේ අතර ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රියඅනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.