header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
දැයම කඳුළින් තෙත් කරමින් හෙළයේ නිළි රැජින මාලනී දැයෙන් සමුගනියි
May 26, 202506:14 PM
දැයම කඳුළින් තෙත් කරමින් හෙළයේ නිළි රැජින මාලනී දැයෙන් සමුගනියි
Mobitel 1278

හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි.

පසුගිය 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවූවාය.

1947 වසරේ අප්‍රේල් මස 30 වැනිදා උපත ලැබූ ඇය දශක 06කට ආසන්න කාලයක් තම විශිෂ්ට රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ අතර ඇය මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමටද සමත් වූවාය.

පසුගිය 24දා සවස මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන ආ අතර එය පසු දින පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබීය.

පසුව අද පෙරවරුවේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ අතර ඒ අනුව අද පස්වරු 3.30 දක්වා මහජන ගෞරව සඳහා දේහය නිදහස් චතුරස්‍ර පරිශයේ තැන්පත් කරනු ලැබීය.

පසුව පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන ආ අතර එහිදි මහා සංඝරත්නය විසින් දේහය පිළිබඳව ආගමික වතාවත් සිදුකරනු ලැබීය.

පසුව පස්වරු 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර එහිදී ඉන්ද්‍රචාපා ලියනගේ සහ ආනන්ද ගමගේ විසින් චිතකය වෙත ගිනි දැල්වීය.

ඒ අනුව හෙළයේ නිළි රැජිය මාලනී ෆොන්සේකා මහත්මිය දැයෙන් සමුගත්තාය.

1947 වසරේ අප්‍රේල් මස කැලණිය ප්‍රදේශයේදී වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා උපත ලබන අතර පසුකාලිනව ශ්‍රී ලංකාවේ සිනමාව දික්විජය කළ ඇය මාලනී ෆොන්සේකා නමින් ප්‍රසිද්ධියට පත්වූවාය.

මාලනී ෆොන්සේකා මහත්මිය කැලණිය ගුරුකුල මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු අතර අනතුරුව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදෑරිය.

1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය, 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.

ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට අතුරින් ඉමහත් ජනාදරයට පත්වූ චිත්‍රපට අතුරින් දහසක් සිතුවිලි, එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, ආදරේ හිතෙනවා දැක්කාම, තුෂාරා, මාතර ආච්චි, බඹරු ඇවිත්, අහස් ගව්ව, වීර පුරන් අප්පු, බැද්දේගම, උත්පලවන්නා, ආදි චිත්‍රපට හැඳින්විය හැකි අතර ඇය ඇගේ රංගන ජීවිතය තුළ චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දුන්නාය.

සිංහල සිනමාවේ යුග තුනකට ප්‍රේමවන්තිය වූ මාලනී ෆොන්සේකා මහත්මිය සිනමාවට නැතුවම බැරි නිළියක් බවට පත්වූයේ මෙරට ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුළ ඉහළින්ම වැජඹෙමිනි.

එහිදී විජය - මාලනී, ගාමිණී - මාලනී සහ රවීන්ද්‍ර - මාලනී යන යුග මෙරට රසික රසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

රංගනයට පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනයද ඇය විසින් සිදුකර තිබුණාය.

එමෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද එක්වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පිටගම්කාරයෝ වැනි ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වූවාය.

තවද දමිළ චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූ මාලනී ෆොන්සේකා මහත්මිය දෙමළ සිනමාවට එක්වූ පළමු ශ්‍රී ලාංකීය නිළිය බවටද පත්වූවාය.

මාලනී ෆොන්සේකා මහත්මිය අන්තර්ජාතික සිනමාවකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස සැලකෙන අතර 1976 වසරේදී නව වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇය ආචාර්ය ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයද දිනා ගත්තාය.

එමෙන්ම සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ, OCIC, සුමති වැනි සිනමා උළෙලවල්වලදී හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසකට ඇය හිමිකම් කීවාය.

පිට පිට වසර ගණනාවක් සම්මානයට පාත්‍ර වීමට ඇයට හැකි වූයේ ඇය ප්‍රේක්ෂක සිත් තුළ ඉතා ඉහළින්ම වැජඹුණු නිළියක් වූ නිසාවෙනි.

මෑත කාලයේ ඇය රඟපෑ අවසන් චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටය හැඳින්විය හැකි වන අතර ඇයගේ ජනප්‍රියත්වයට ලංවිය හැකි නිළියක් තවත් කල්ප ගණනාවකටම මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ බිහි නොවනු ඇති බව අපගේ විශ්වාසයයි.

එදා රුක්මණී දේවියගෙන් පසු නිළි රැජින කිරුළ හිමිකරගත් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය මේ වන විට රසික අප සැම හැර ගොස් හමාරය.

හෙළ සිනමාවේ නිළි රැජිනියනි ඔබට නිවන් සුව....!

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ