තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

May 20, 2025   09:43 am

ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ජලාශයේ වාන් දොරටකු දෙකක් අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

එමගින් තත්ත්පරයට ඝන අඩි 240ක් වාන් ඇලට මුදා හැරෙන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.