ඊජිප්තුව සහ දකුණු කොරියාව ප්‍රහාරක යානා ගනුදෙනුවක
සයුරෙන් එතෙර

ඊජිප්තුව සහ දකුණු කොරියාව ප්‍රහාරක යානා ගනුදෙනුවක

May 14, 2025   03:18 pm

ඊජිප්තුව විසින් දකුණු කොරියාවේ FA-50 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ ඊජිප්තු තානාපතිවරයා විසින් FA-50 ජෙට් යානා 100ක් මිලදී ගැනීම සඳහා මෙලෙස සාකච්ඡා කර ඇති බව පැවසෙයි.

ඊජිප්තුව සහ කොරියානු සමාගම් අතර සාකච්ඡා ධනාත්මක ලෙස ඉදිරියට ගොස් ඇති බවද වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව නුදුරේදීම අදාළ එකඟතාවයන්ට එළඹෙනු ඇති බවය.

මෙම ගනුදෙනුව සිදුවුවහොත් ඊජිප්තුව සහ දකුණු කොරියාව අතර ආරක්ෂක සහයෝගීතාවයේ විශාල දියුණුවක් සනිටුහන් කරනු ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.