සයුරෙන් එතෙර
ගාසා තීරයේ දරුණු සාගතයක් උද්ගත වන ලකුණු
May 14, 2025 10:05 am
ගාසා තීරයේ පලස්තීන ජනගහනයෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි.
ඒ පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමක ය.
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වුණේ 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී ය.
දරුණු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දීමට ගාසා තීරයේ පලස්තීන ජනතාවට සිදුවුණි.
ඊශ්‍රායල. හමාස් සංවිධානය සමග ඇතිකර ගත සටන්විරාමය පසුගිය මාර්තු මාසයේ දී බිඳ වැටීමෙන් පසුව එම තත්ත්වය තවත් තීව්ර වී ඇත්තේ ඊශ්‍රායලය ගාසා වෙත මානුෂීය ආධාර ලබා දීම අවහිර කිරීමත් සමගයි.
ඒ අනුව දැනට දින 70ක පමණ සිට ගාසා වෙත අත්‍යාවශ්‍ය ආධාර ලැබී නැත.
එවන් පසුබිමක ගාසා තීරයේ පලස්තීන ජනගහනයෙන් අඩක් දරුණු කුසගින්නකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි.
සැප්තැම්බර් මාසය අවසානය වන විට ගාසා තීරයේ පලස්තීන ජනතාවට දරුණු ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
ගාසා තීරයේ මිලියන 2.1ක් එනම් සම්පූර්ණ ජනගහනයම පාහේ මෙම අර්බුදයට මුහුණ දෙනු ඇතැයි සඳහන්ය.
ඉන් හාර ලක්ෂ 70,000කට ආසන්න සංඛ්‍යාවකට වඩාත් ව්‍යසනකාරී ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි පුරෝකතනය කරයි.
යම් රටක නිල වශයෙන් සාගත තත්ත්වයක් නිවේදනය කෙරෙන්නේ එහි ජනගහනයෙන් අවම වශයෙන් සියයට 20ක් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නේ නම් පමණි.
එමෙන්ම ඒ සඳහා ළමයින් තිදෙනෙකුගෙන් අයෙක් දරුණු මන්පෝෂණ තත්ත්වයකින් පෙළෙන්නේ ද යන්න සහ දහ දහසකින් දෙදෙනෙක් සාගතයෙක් හෝ මන්ද පෝෂණයෙන් මිය යන්නේ ද යන්න පිළිබඳව සලකා බලයි.
දැනට පවතින දත්ත වාර්තා අනුව 2025 අප්‍රේල් සිට 2026 මාර්තු දක්වා වූ කාල සීමාවේ දී ගාසා තීරයෙන් දරුණු මන්දපෝෂණ රෝගීන් 71,000ක් වාර්තා වනු ඇතැයි පුරෝකතනය කෙරේ.