පොලුවලින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කෙරේ
May 14, 2025 06:58 am
පුද්ගලයින් පිරිසක් විසින් පොලුවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
ඊයේ (13) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග ප්‍රදේශයෙනි.
පුද්ගලයෙකු පහරදීමට ලක්ව තුවාල ලබා වැටී සිටින බවට දෙමටගොඩ පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණි.
ඒ අනුව, රාත්‍රී ජංගම සංචාර සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තුවාල ලබා වැටී සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු ගුවන් පාලම අසල රැඳී සිටි ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
පුද්ගලයින් පිරිසක් විසින් මෙම මරණකරුට පොලුවලින් පහරදී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.