ඝාතන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
May 13, 2025 02:16 pm
ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි 05 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා එම ඝාතනය සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස පොලිස් වසමේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන ගල්කිස්ස හා දෙහිවල ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.