දෙරණ 24 පැයේ බත් දන්සල තවදුරටත් අඛණ්ඩව

දෙරණ 24 පැයේ බත් දන්සල තවදුරටත් අඛණ්ඩව

May 13, 2025   07:25 am

‍දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන 24 පැයේ ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල මේ වනවිටත් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

දෙවන වරටත් සංවිධාන කර ඇති මෙම බත් දන්සල ඊයේ (12) රාත්‍රී 7ට ආරම්භ විය.

අද රාත්‍රීය තෙක් අඛණ්ඩව මෙම බත් දන්සල ක්‍රියාත්මක අතර දන්සලට පැමිණෙන ඔබට ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවෙයි.

ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහ නගර සභාව සමග එක්ව දෙරණ මාධ්‍ය ජාලය මෙය සංවිධානය කර තිබේ.

ඊයේ දහවල් සිටම දන්සලට සහභාගී වීම සඳහා අතිවිශාල ජනතාවක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට එක්ව සිටි අතර මේ වන විටත් නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.