හෙට උණුසුම් වන ප්‍රදේශ ගැන නිවේදනයක්
May 12, 2025 04:09 pm
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (13) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (12) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අම්පාර, මඩකළපුව, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.