ඉන්දීය ටෙස්ට් නායකත්වයට පස්කොන් සටනක්
May 8, 2025 02:36 pm
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහිත් ශර්මා ඊයේ (7) ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙලෙස ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා වෙනුවෙන් මෙම නම් යෝජනා වී තිබේ.
ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සඳහා ශූබ්මන් ගිල්, ජස්ප්‍රිට් බුම්රා, ලෝකේෂ් රාහුල්, ශ්‍රියාස් අයියර් සහ රිෂාබ් පාන්ට් යන ක්‍රීඩකයින්ගේ මෙලෙස යෝජනා වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම නම් අතරින් ශූබ්මන් ගිල් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළග ටෙස්ට් නායකත්වයට පත් වනු ඇති බවට බොහෝ දෙනා මත පළකර තිබේ.