අභියෝගාත්මක වගකීම ඉටු කරන්න සජිත් සුදානමින්
May 7, 2025 12:31 pm
2025 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් දී ඇති බව යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාව ලබා දුන් එම පණිවුඩය අනුව ක්‍රියාකිරීමට තමන් ඇතුළු පක්ෂය සූදානම් බවය.
"රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්. ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුමදෙනා එකට එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාවක්, ප්‍රතිපත්ති ගරුකව මේ ඇති වෙන එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටුකිරීම අපේ අරමුණයි. ඊට නායකත්වය ලබාදෙන්න අපි සුදානම්."