ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

May 7, 2025   12:08 pm

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.‍

අද (07) උදෑසන හිටපු රාජ්‍ය අමාත්‍ය මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ බව වාර්තා වෙයි.

ඒ ඔහු අධිකරණය මගහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමකය.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.