තවත් අපේක්ෂකයින් 8ක් අත්අඩංගුවට
May 5, 2025 07:32 am
මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගතවූ පැය 24ක කාලය තුළ අපේක්ෂකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (04) උදෑසන 6 සිට අද (05) උදෑසන 6 දක්වා කාලය තුළ පක්ෂවල ආධාරකරුවන් ද 5 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
මේ අතර, පසුගිය මාර්තු මස 3 වන දින සිට අද දක්වා වූ කාලය පුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 54ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආධාරකරුවන් ද 204 දෙනෙකු අදාළ කාලය තුළ අත්අඩංගුවට පත්ව ඇත.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් මුළු වාහන ගණන 46කි.