මින්නේරියේ බස් අනතුරෙන් දෙදෙනෙකු මරුට

මින්නේරියේ බස් අනතුරෙන් දෙදෙනෙකු මරුට

May 1, 2025   06:06 pm

Update

May 1, 2025   20:15 pm

පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරිය යුද හමුදා කඳවුර අසලදී අද (01) පස්වරුවේ සිදුවූ බස් අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ මියගිය දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.

කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කදුරුවෙල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

අනතුරින් බස් රථදෙකෙහි ගමන් කළ පුද්ගලයින් තුවාල ලබා පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කෙරුණි.

අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

--------------------------------------

බස්රථ දෙකක් එකිනෙකට ගැටී බිහිසුණු අනතුරක්

May 1, 2025   06:06 pm

හඹරණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ අද (1) පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

කොළඹ සිට කඳුරුවෙල අතර ගමන්ගන්නා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් පොළොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල්වෙත ඇතුළත් කර තිබේ.