සයුරෙන් එතෙර
ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ
April 30, 2025 09:43 am
චීනයේ නිෂ්පාදනය කෙරෙමින් පවතින ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයට ළඟා වෙමින් පවතී.
ඒ අනුව 2026 වසර අග භාගයේ දී එය මෙහෙයුම් සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
'ඇඩෝරා ෆ්ලෝරා සිටි', නෞකාව චීනයේ නිෂ්පාදිත දෙවන විශාලතම සුඛෝපභෝගී නෞකාව යි.
චීනයේ ෂිප් බිල්ඩින් සමාගමේ නිෂ්පාදනයක් වන එම නෞකාව පසුගියදා ඉපිලීමේ පරීක්ෂාවට ලක්කෙරුණි.
නෞකා නිෂ්පාදකයන්ට අනුව ඕනෑම විශාල නෞකාවක් නිපදවීමේ දී මෙම පරීක්ෂණය ඉතා වැදගත් වේ.
එහිදී නෞකාවේ බද පිළිබඳව පරීක්ෂා කෙරෙන බව සඳහන්ය.
මේ අනුව ඇඩෝරා නෞකාව මෙම පරීක්ෂණය සාර්ථකව සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන ක්‍රියාවලියේ මීළඟ පියවර වන පද්ධති ක්‍රියාකාරිත්වය සහ අභ්‍යාන්තර අලංකරණය කෙරෙහි නිෂ්පාදකයින් මේ වනවිට යොමු වී ඇතැයි වාර්තා වේ.
ඇඩෝරා ෆ්ලෝරා සිටි නෞකාවේ නිෂ්පාදන සැලසුම අනුව 2026 මැයි මාසයේ දී එය අත්හදාබැලීමේ පරීක්ෂාවකට යොමු කිරීමට නියමිතය.
එය මෙහෙයුම් සඳහා යෙදවීමට සැලසුම් කර ඇත්තේ 2026 වසර අග භාගයේ සිටය.
ඊට පෙර පරීක්ෂණ ලක්ෂයකට අධික සංඛ්‍යාවකට ලක්වීමට එම නෞකාවට සිදුවේ.
මගී ප්‍රවාහන නෞකාවක් වන 'ඇඩෝරා ෆ්ලෝරා සිටි' නෞකාවේ බර ටොන් එක්ලක්ෂ හතළිස් එක් දහස් නවසියයක්.
එමෙන්ම එය මීටර 341ක දිගකින් යුක්ත වේ.
මෙහි ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවන අතර එය විනෝදාත්මක පහසුකම් රැසකින් ද සමන්විත වීම විශේෂත්වයකි.