වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
April 29, 2025 07:13 am
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 27 වනදා සවස් කාලයේ එම සැකකරු කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලෑලිහේත්තුව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 826ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය වී ඇත්තේ, පසුගිය 17 වනදා අහුංගල්ල පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කළ අයෙකු බවය.
අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.