ඉන්දීය කාන්තා පිලට එක්දින ජයක්

ඉන්දීය කාන්තා පිලට එක්දින ජයක්

April 28, 2025   09:45 am


තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත්වුණි.

ඒ අනුව ඉන්දියාව කඩුලු 9ක ජයක් වාර්තා කළේය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී පැවති තරගයේ ආරම්භය ප්‍රමාද වුණේ වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසාය.

වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 39කට සීමාවුණි.

දහවල් 12ට පමණ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියා නායිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළාය.

ශ්‍රී ලංකාවට පන්දුවාර 38යි එක් පන්දුවකදී සියලුදෙනා දැවි රැස්කරගත හැකිවුණේ ලකුණු 147ක් පමණයි.

එහිදි හසිනි පෙරේරා පන්දු 46කදි ලකුණු 30ක් රැස්කළාය.

කවීෂා දිල්හාරි ලකුණු 25යි.

පන්දු යැවීමේදී ස්නේ රානා ලකුණු 31ට කඩුලු තුනක් දවාගත්තාය.

ලකුණු 148ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 29යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියහ.

ස්මිත්‍රි මන්දනා ලකුණු 43ක් රැස්කළ අතර ප්‍රතිකා රාවල් නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 50ක්.

ප්‍රතිකා රාවල් සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වුණි.

හරීන් ඩියෝල් නොදැවි ලකුණු 48ක් රැස් කළේය.