කැනඩාවේ උත්සවයක් අතරතුර දී 9දෙනෙකුට දිවි අහිමි වෙයි

කැනඩාවේ උත්සවයක් අතරතුර දී 9දෙනෙකුට දිවි අහිමි වෙයි

April 27, 2025   04:37 pm

කැනඩාවේ අගනුවර වන වැන්කුවර් නගරයේ පිලිපීන ජාතිකයින් විසින් පැවැත් වූ උත්සවයක සිටි පිරිසක් දෙසට එකවැර මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් බොහො පිරිසක් තුවාල ලබා ඇති බව එරට පොලීසිය විසින් තහවුරු කර ඇති බවය.

මෝටර් රථය පැදවූ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

එමෙන්ම එරට පොලීසිය පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

කෙසේ වෙතත් සැකකරුගේ අනන්‍යතාවය තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වේ.

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම බිහිසුණු සිදුවීම් ගැන අසා තමන් කම්පාවට පත් ව සිටන බවය.

මෙම අනතුරු එරට වෙලාවෙන් 26 වන සෙනසුරාදා රාත්‍රී 8ට පමණ (GMT 03:00, BST 04:00) සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.