හලාවත නගරයට හදිසි ජලගැලීම් තත්ත්වයක්
April 23, 2025 10:31 am
වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බව "අද දෙරණ" වාර්තාකරු පවසයි.
ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.
ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ජලගැලීම් තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් පවසයි.