සිරි දළදා වන්දනාව සිව්වැනි දිනට අවසන්

සිරි දළදා වන්දනාව සිව්වැනි දිනට අවසන්

April 21, 2025   05:46 pm

සිව් වැනි දිනටත් අද (21) ඇරඹි දළදා ප්‍රදර්ශනය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

ඒ අනුව අද දිනයේදී දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් 130,000ක් දළදා වන්දනා කර තිබේ.

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11.00ට ආරම්භ වූ අතර ඒ අනුව පස්වරු 5.30 දක්වා දළදා වන්දනා කිරීම සඳහා සැදැවතුන්ට ඉඩ ලැබුණි.

දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර එය එළැඹෙන 27 වැනි දින දක්වා පුරා දින 10ක් පුරාවටම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.