හිටපු ජනපති මෛත්‍රී CIDයෙන් පිටව යයි

හිටපු ජනපති මෛත්‍රී CIDයෙන් පිටව යයි

April 21, 2025   04:49 pm

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබේ.

ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

ඒ අනුව පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගියේය.