ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
April 21, 2025 01:11 pm
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත සහ හම්බන්තොට, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද (21) රාත්‍රී 11 දක්වා අදාළ නිවේදනය වලංගු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.