සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ

සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ

April 21, 2025   07:49 am

"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21). 

සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.

තුන්වන දිනයට ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට අධික පිරිසක් වන්දනාමාන කර තිබේ.

මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල සිටින බව "අද දෙරණ" වාර්තාකරු චතුර කොඩිතුවක්කු සඳහන් කළේය.

මේ අතර "සිරි දළදා වන්දනාව" සිදුවන කාළය තුළ මහනුවර නගරයේ වෙළෙඳසැල් තුළින් සිදුකරනු ලබන අකටයුතුකම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් නිරන්තරයෙන් කටයුතු කරන බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි.