බෑඩ් ලයිට් ගැන ඔස්ට්‍රේලියාව කථාකරයි

බෑඩ් ලයිට් ගැන ඔස්ට්‍රේලියාව කථාකරයි

April 19, 2025   02:03 pm

අඳුරු ආලෝක තත්ත්වයන් යටතේ ක්‍රිකට් තරග නතර නොකිරීමට කඩිනම් විසඳුම් සොයාගත යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණයෙන් දියුණු නූතන ලෝකයේ තවමත් වර්ෂාව හේතුවෙන් ක්‍රිකට් තරග නතර කිරීමට සිදුවන බවයි.

ටොඩ් ග්‍රීන්බර්ග් මේ වසර මුලදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්විය.

ඔහු මේ මස මුලදී සිම්බාබ්වේ හි පැවති ICC රැස්වීමකටද සහභාගි වූ අතර, එහිදී ද මෙම අඳුරු ආලෝක ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ට කරුණු පහදා ඇත.

"මගේ අදහස නම් අපි විනෝදාස්වාද ව්‍යාපාරයක නියැලී සිටින්නේ. 

අපි විනෝදාස්වාදයේ නියැලී සිටින්නේ නම්, අපි හැකි තරම් ක්‍රීඩාලෝලීන්ට ඔවුන්ගේ ක්‍රිකට් භුක්ති විඳිය හැකි බව සහතික කළ යුතුයි.

අපි අඳුරු ආලෝකය නිසා තරගයක් නවත්වනවා නම් ඉන් කලකිරී ක්‍රීඩාලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව යයි. 

එනිසා අනාගතයේදී එය සිදු නොවන පරිදි නූතන තාක්ෂණයෙන් නව විසඳුම් සොයා ගත යුතුයි" යනුවෙන් ඔහු පවසා ඇත.