සිරි දළදා වන්දනාවට සමගාමීව නුවරදී ඇරඹුණු සිතුවම් දැක්ම

සිරි දළදා වන්දනාවට සමගාමීව නුවරදී ඇරඹුණු සිතුවම් දැක්ම

April 18, 2025   07:34 pm

සිරි දළදා වන්දනාවට සහභාගී වන දරුවන් සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කළ සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාව අද (17) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පැවසුවේ මෙම සිදුවම් දැක්ම අද සිට එළැඹෙන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය බවය.

ඒ අනුව සෑම දිනකම උදෑසන 8.30ට මහනුවර රැජින හෝටලය ඉදිරිපටදී ආරම්භ කෙරෙන මෙම සිදුවම් දැක්ම සඳහා දරු දැරියන් 450ක් සඳහා චිත්‍ර ඇඳීමේ පහසුව සලසා දී තිබේ.

එමෙන්ම මෙම සිතුවම් දැක්ම සඳහා සහභාගී වන සෑම දරුවෙකුටම සහතික පත්‍රයක් පිරි නැමීටද අමාත්‍යංශය කටයුතු සූදානම් කර තිබේ.