අනියම් පෙමක් දුරදිග ගොස් නැවතුණු තැන
April 18, 2025 10:30 am
අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකු කපාකොටා ඔහුගේ වටිනා යතුරුපැදියට ගිනිතැබූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියවෙත භාර වී ඇත.
තුවාල ලැබූ පුද්ගලයා හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
ඔහු එම ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇත.
ඒ අතරවාරයේ ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.
ඒ හේතුවෙන් නීත්‍යානුකූල බිරිඳ ඊට විරුද්ධ වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයා අලවංගුවකින් හිසට පහර දී තුවාල සිදුකර ඇත.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු ඔවුනොවුන් සමාදානකිරිම සඳහා ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියට නීත්‍යානුකූල බිරිද, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා කැදවා තිබේ.
එහිදී සැමියා විසින් සිය බිරිද සමග සමගියෙන් සිටින බවට පොලීසියේ දී පොරොන්දු වී ඇත.
කෙසේ නමුත් එසේ පැමිණ සිටියදී සිය අනියම් බිරිද සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දී සෙල්ෆි ඡායාරූපයක් ගිනිමින් සිටි සිය සහෝදරියගේ සැමියාව ඇගේ සහෝදරයන් විසින් තියුණු ආයුධයකින් කපා පහර දී තිබේ.
එමෙන්ම මාමණ්ඩිය විසින් ඔහුට ලබාදුන් යතුරුපැදිය ද ගිනි තබා සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර වී ඇත.
තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහලවෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (18) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
යතුරුපැදිය ගිනි තැබීම හේතුවෙන් කොටගල උමංමාර්ගය අසල දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.