පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 154ක් 

පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 154ක් 

April 13, 2025   04:08 pm

‍පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි  154ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ ඊයේ (12) දිනයේ ද අපරාධමය පැමිණිලි 05ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි  01ක් ලැබී ඇති බවය.

ඒ අනුව මාර්තු මස 03වනදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 154ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 14දෙනෙකු සහ ආධාරකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක් ද පොලිස් භාරයට ගෙන ඇති  බව සඳහන්ය.