මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

April 12, 2025   01:03 pm

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් අද (12) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අනුව මෙය සිදුකර ඇති බව නාවික හමුදා නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.