පිල්ලෙයාන්ගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

පිල්ලෙයාන්ගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

April 12, 2025   09:50 am

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්'ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) විසින් ලබාගනෙ ඇත.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් පසුගිය 8වනදා මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.