ඩොමිනිකන් ජනරජයේ සිදු වූ ඛේදවාචකය
සයුරෙන් එතෙර

ඩොමිනිකන් ජනරජයේ සිදු වූ ඛේදවාචකය

April 10, 2025   01:59 pm

ඩොමිනිකන් ජනරජයේ සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රී සමාජ ශාලාවක වහලක් කඩා වැටී සිදුවූ අනතුරෙන් මියගිය පිරිස 184 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම අනතුර සිදුවන විට එතුළ සාදයක් සහ ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ අතර ඊට සහභාගිවී සිටි පිරිස 300කට අධික බව සඳහන් වේ. 

අනතුරින් පසු අතුරුදන්වූවන් සොයා සුන්බුන් පීරමින් සිදුකළ මෙහෙයුම් මේ වනවිට අවසන් අදියරට ළඟාවෙමින් පවති.

මරණ ගණන මෙතරම් ඉහළගියේ සුන්බුන් අතර තිබී මළසිරුරු විශාල ප්‍රමාණයක් හමුවීමත් සමගිනි.

අනතුරින් මියගිය පිරිස අතරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙක් අයත් වන අතර ප්‍රසංගය පවත්වමින් සිටි ගායක රූබි පෙරෙස් ඇතුළු පිරිස ද අතුරුදන් බව වාර්තා වේ.