පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ගැන නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට කියූ දේ

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ගැන නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට කියූ දේ

April 8, 2025   05:31 pm

කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 අප්‍රේල් 06 දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතී.

 ඒ බව නියෝජ්‍ය කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව, ඒ මහතාගේ අභාවය පිළිබඳව බලවත් කණගාටුව පල කරමින් මෙම මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත පාර්ලිමේන්තුව වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බව ද නියෝජ්‍ය කථානායකවරයා එහිදී නිවේදනය කළේය.

එමෙන්ම මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේය.