ඇප ලැබුණු වියාලේන්ද්‍රන් නැවතත් බන්ධනාගාරයට රැගෙන එයි

ඇප ලැබුණු වියාලේන්ද්‍රන් නැවතත් බන්ධනාගාරයට රැගෙන එයි

April 8, 2025   05:28 pm

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) දහවල් නියම කර තිබුණි.

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගැනුණි.