උරුමය ගැන සෙවූ කමිටු වාර්තාව ලබන සතියේ කැබිනෙට්ටුවට

උරුමය ගැන සෙවූ කමිටු වාර්තාව ලබන සතියේ කැබිනෙට්ටුවට

April 8, 2025   01:37 pm

උරුමය ඔප්පු ජනතාවට ලබා දීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු පත් කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබුණි.

උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන තුළින් මේ වන විට ඔප්පු 1000කට ආසන්න සංඛ්‍යාවක් අමාත්‍යංශය යටතට ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර අද පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා කියා සිටියේ පසුගිය රජය ලබා දුන් උරුමය ඔප්පු වැඩසටහනේ ඉතිරි ඔප්පු ලබා දීමට කටයුතු කරන බවය.