උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
April 7, 2025 10:02 pm
උඩරට දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
ඔහිය සහ ඉදල්ගස්හින්න අතර මාර්ගයට එලෙස පස් කණ්ඩියක් කඩාවැටී ඇත.
ඒ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.