සිංගප්පූරු සරත් අත්අඩංගුවට

සිංගප්පූරු සරත් අත්අඩංගුවට

April 4, 2025   05:25 pm

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ 4 වන සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් 'සිංගප්පූරු සරත්' නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (04) උදෑසන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අදාළ පුද්ගලයා මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

'සිංගප්පූරු සරත්' නැමැත්තා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.