ගන්දර වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
March 25, 2025 07:13 am
ගන්දර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ගන්දර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
පසුගිය 21 වන දින ගන්දර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
පසුව සැකකරුවන් පැමිණි වෑන් රථය ද ඔවුන් විසින් ගිනිතබා විනාශ කර තිබු බව පොලිසිය සඳහන් කළේය.