CCTV කැමරාවේ සටහන් වූ මාරක අනතුර
March 24, 2025 11:17 am
පානදුර උතුර පොලිස්බල ප්‍රදේශයේ ගොරකපළ දී සිදුවු අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.
ඊයේ (23) රාත්‍රී 11.30ට පමණ මාර්ගය හරහා ගමන් ගත් පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර උතුර කඳුරුදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු ගොරකපළ ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කිරීමේ දී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මෝටර් රථ රියදුරුව පානදුර උතුර පොලිස් භාරයට ගෙන ඇත.