ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරයි

ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරයි

March 22, 2025   09:03 pm

ගාසා තීරය වෙත ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි.

ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි - පලස්තීන මිත්‍රත්ව රෝහල ඉලක්ක කරමින් දැවැන්ත ගුවන්ප්‍රහාරයක් එල්ල කළේය.

විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල සැලකෙන්නේ ගාසා තීරයේ විශාලතම රෝහල ලෙසය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගාසාහි සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ප්‍රහාර දියත් කිරීම ඊශ්‍රායලයේ සැලසුම් වී ඇති බවය.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ දී ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමග සටන් විරාමයකට එළැඹීමෙන් පසු පළමුවරට ඊශ්‍රායලය ලෙබනනය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායල අගමැති නෙතෙන්යාහුගේ උපදෙස් මත මෙම ප්‍රහාර එල්ලකර තිබුණේ ලෙබනනයේ සිට ඊශ්‍රායලයට එල්ලවූ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙනි.