IPL ක්‍රිකට් වසන්තය අදින් ඇරඹෙයි
March 22, 2025 08:47 pm
ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයවන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර අද (22) කොල්කටාහීදී ආරම්භ විය.
ඒ බොලිවුඩ් තරු රැසක් එක් වූ විචිත්‍රවත් සමාරම්භක උත්සවයකිනි.
18වැනි ඉන්දියන් ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නගර 13ක් මුල් කරගෙන පැවැත්වීමට නියමිත අතර එහි සමාරම්භක උත්සවය කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස අද ආරම්භ වුණි.
මෙවර තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ අනුව A කාණ්ඩයෙන් චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්තාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ පංජාබ් කිංග්ස් කන්ඩායම් තරග වදියි.
B කාණ්ඩයෙන් තරග වදින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කන්ඩායම, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම,ලක්නව් සුපර් ජයන්ට්ස් කන්ඩායම්.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 8 දෙනෙක් එක් වීමට නියමිතයි.
ඒ අනුව මතිෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරයි.
රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නුවන් තුෂාරව තෝරාගත් අතර ,එෂාන් මාලිංග,කමිඳු මෙන්ඩිස් සන්රයිසස් හයිද්‍රාබාස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර දසුන් ශානක ද එම කණ්ඩායම සමඟ එක්ව සිටී
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර ආරම්භ කරමින් පළමු තරගය වත්මන් ශූරයන්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර මේ වන විට කොල්කටා හිදි පැවැත්වෙයි.