එළැඹෙන මැතිවරණයේදී කරුණා සහ පිල්ලෙයාන් එකට සිටගනියි
March 22, 2025 04:33 pm
පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද එක්වී තිබේ.
ඊට අදාළ අවබෝධතා ගිවිසුම අද (22) මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයේදී අත්සන් තබණු ලැබීය.
මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද එක්ව තිබුණි.
සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් මහතා සහ වියාලේන්ද්‍රන් මහතා යන හිටපු ඇමතිවරුන් එක්වී විනයාගමූර්ති මුරලිදරන් මහතා සමග කළ සාකච්ඡාකින් පසු මෙම සන්ධානය සමග එක්කරගනු ලැබීය.
ඒ අනුව මෙවර පළාත් පලාන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහයවනු ඇති බව වාර්තා වෙයි.