CCD නිලධාරීන්ට ඇප
March 21, 2025 06:41 pm
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිට අද (21) දින අධිකරණයට භාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD)නිලධාරීන් 6 දෙනා ඇප මත මුදාහැර තිබේ.
මේ අතර වැලිගම සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුවේ අනෙකුත් සැකකරුවන් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට සේවය කළ නිලධාරින් 07 දෙනාගෙන් 06 දෙනෙකු අද පෙරවරුවේ මෝසමක් මඟින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.
එහිදී අදාළ සැකකරුවන් වෙනුවෙන් ඇප අයදිමින් ඔවුන්ගේ නීතිඥයින් කියා සිටියේ, වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඇසින් දුටු සාක්ෂි ලබාදිය හැක්කේ මෙම සැකකරුවන්ට පමණක් වන අතර ඔවුන් ඉදිරියේදී මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් 06 දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
මේ අතර, 023 වසරේ වැලිගම ප්‍රදේශයේ W15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් වී පසුගිය 19 වනදා අධිකරණයට භාර වූ, ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණ නියෝග ප්‍රකාරව ඊයේ (20) දිනය දක්වා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබුණි.
අනතුරුව සැකකරුගේ ඇප අයැදුම පිළිබඳ නියෝගය ඊයේ ප්‍රකාශයට පත්කෙරුණු අතර සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සැකකරු අප්‍රේල් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ආරක්ෂිත හේතුන් මත සැකකරු යොමු කෙරුණේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය වෙතය.
ඒ අනුව බන්ධනාගාර නිලධාරින් ඊයේ රාත්‍රී 9.30ට පමණ ඔහුව දුම්බර බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ආවේය.