ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් බිඳවැටෙයි

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් බිඳවැටෙයි

March 21, 2025   06:09 pm

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් මීට සුළු වේලාවකට පෙර බිඳ වැටුණි.

මෙම ශූරතාවලියේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබුණි.

ඔහු සහභාගි වූ අවසන් පූර්ව වටයේ දෙවන  තරගය මෙරට වේලාවෙන් ප.ව. 5.33ට පැවති අතර, එහිදී ඔහුට අවසන් ස්ථානයෙන් සෑහීමට සිදුවිය.

තරගය අවසන් කිරීම සඳහා චමෝද් තත්පර 6.70ක කාලයක් වාර්තා කළේය.

මෙම වටයේ පළමු ස්ථානය අමෙරිකානු ක්‍රීඩකයෙකුට හිමි වූ අතර, ඔහු තත්. 6.51කින් තරගය අවසන් කළේය.

එමෙන්ම දෙවන ස්ථනය තත්. 6.54කින් තරගය අවසන් කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට හිමිවිය.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අවසන් මහා තරගය සුදුසුකම් ලබාගත්තේය.

මෙම ඉසව්වේ මූලික වටයේදී චමෝද් තත්පර 6.70කින් අවසන් කර එම අදියරේ තෙවන ස්ථානය පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.