Pro Care තහනම් පිරමීඩ සමාගමක් බවට මහ බැංකුවෙන් නිවේදනයක්
March 21, 2025 03:59 pm
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් කර ඇත්තේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇති බවය.
එමෙන්ම, 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව තවත් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධවද මහ බැංකුව සිය නිවේදනය මගින් මහජනතාවට දැනුම් දී තිබේ.