බිහිසුණු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට
March 20, 2025 05:46 pm
නෙළුව - පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව කළුබෝවිටියාව ප්රදේශයේ පදිංචිව සිටි 55 සහ 27 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
ලොරි රථය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇති අතර, පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්රිරෝද රථය හතේ කණුව ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය කියයි.
තුවාලකරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී දෙදෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
ලොරි රථය සහ ත්රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, තිනියාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.