මෙරට ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය බලධාරීන් භාරයට

මෙරට ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය බලධාරීන් භාරයට

March 20, 2025   04:01 pm

යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් දෙදෙනෙකු සහ යාත්‍රාවක් ඉන්දීය බලධාරීන් භාරයට ගෙන තිබේ.

පසුගිය 15 වනදා මොවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ අතර මේ වනවිට ඔවුන් රාමනාදපුරම් ධීවර වරායේ රැඳීසිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ධීවරයින් පවසා ඇත්තේ තමන් අනතුරකට මුහුණ දුන් බවත් පසුව වෙනත් ධීවර යාත්‍රාවකින් ඉන්දියාවේ රාමනාදපුරම් වෙත රැගෙන ආ බවය.

කෙසේවෙතත් අදාළ ධීවරයින් දෙදෙනා ගමන් කළ යාත්‍රාව තුළ ගංජා පාර්සල් කිහිපයක් තිබී සොයාගැනීමත් සමග ඔවුන් ඉන්දීය බලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් ය.

46 සහ 54 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකු මෙලෙස ඉන්දීය බලධාරීන් භාරයට ගෙන ඇත.