ශූරයන්ගේ කුසලානය දිනූ ඉන්දියාවට සුපිරි ත්‍යාග මුදලක්

ශූරයන්ගේ කුසලානය දිනූ ඉන්දියාවට සුපිරි ත්‍යාග මුදලක්

March 20, 2025   03:57 pm

ශූරයන්ගේ කුසලානය (Champions Trophy) දිනාගත් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 58ක අතිදැවැන්ත මුදල් ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර ඇත.

මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් කෝටි 200කට ආසන්නය.

එමෙන්ම මෙම මුදල් ත්‍යාගය තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ලබාදුන් ත්‍යාග මුදල මෙන් තුන් ගුණයක් වීම විශේෂත්වයක්ය.

වසර 8කට පසු පැවැත් වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් ලබාදුන් අතර, එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකය.

පාකිස්තානයේ සත්කාරකයත්වය යටතේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 4කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඔවුන් අපරාජිතව කුසලානය දිනාගැනීමද කැපී පෙණින.