මරණයෙන් කෙළවර වූ පෙම් කතාව

මරණයෙන් කෙළවර වූ පෙම් කතාව

March 19, 2025   01:15 pm

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ බහින්බස්වීමක් දුර දිය යාමෙන් පෙම්වතාගේ තියුණු ආයුධ පහරින් පෙම්වතිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (18) එම සිදුවීම වාර්තා වී තිබුණේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයෙනි.

පෙම්වතියගේ නිවසක් තුළදී මෙම පිහි ඇනුම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, විමල්කා තුෂාංගි සිල්වා නමැති 20 හැවිරිදි තරුණියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් 21ක් හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.