උතුරු මැසිඩෝනියාවේ සමාජ ශාලා ගින්නේ මරණ ඉහළට
March 17, 2025 07:27 pm
උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඊයේ ඇතිවූ ගින්නෙන් සිදුවූ මරණ ගණන 59 දක්වා ඉහළ ගොස් තිබේ.
ගින්න හටගත් අවස්ථාවේදී එහි සංගීත ප්‍රසංගයක් පැවැති අතර ඊට එක්ව සිට තිබුණේ එරට ප්‍රකට ගායක කණ්ඩායමකි.
ගොඩනැගිල්ල තුළ ගිනිකෙළි දැල්වීම ගින්නට හේතුවූ බවට හඳුනාගෙන ඇති අතර, ඊට අදාළව පුද්ගලයින් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.