යුනිකෝන් ඇතාට වෙඩිතබා ඝාතනය කර ඇති බවට හෙළිවෙයි
March 17, 2025 06:14 pm
මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් තිබේ.
වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
අද (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව අනාවරණය කළේය.
වෙඩිවැදී මියගොස් සිටි හස්තියාගේ සිරුර අද වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය 15 වනදා කිසියම් පිරිසක් විසින් යුනිකෝන් නැමැති හස්තියාට වෙඩිතබන්නට ඇති බවය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකර බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා වැඩිදුරටත් පැවසීය.