මර්වින් සිල්වා යළි රිමාන්ඩ්
March 17, 2025 03:55 pm
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදි හිටපු අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුලු සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කළේය.